කළුතර දී හෙරොයින් සමඟ 05ක් මාට්ටු

ජූලි 16, 2019

    කළුතර කොන්ගස් හන්දිය ප්‍රදේශයේදී සැකකටයුතු මෝටර් රථයක් පොලිසිය විසින් සිදුකළ පරික්ෂාවකදී හෙරොයින් සහ වෝකි ටෝකි යන්ත්‍රයක් සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    අවුරුදු 24,28, 32 සහ 33 යන වයසේ හි පසුවන මෙම සැකකරුවන් බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. මොවුන් විවිධ අපරාධ සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට ඇප ලබා සිටින පුද්ගලයින් බව පොලිසිය පවසයි.

    බන්ධනාගාර ගතව සිටින රැඳවියන් බැලීමට කළුතර බන්ධනාගාරයට පැමිණි බව කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ.

    මෙම සැකකරුවන් ලඟ තිබු හෙරොයින් ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 600ක් වෝකි ටෝකි යන්ත්‍රයක් මුදලින් රුපියල් 80500ක් සහ ඔවුන් පැමිණි මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

    Latest News