නිවසට පැමිණි දැවැන්තයා ගිය ගමනක්

ජූලි 14, 2019

    මැදවච්චිය, පූනෑව, කිඩවරන්කුලම ප්‍රදේශයේ නිවසක් වෙත ඇතුළු වු දැවැන්ත කිඹුලෙකු මැදවච්චිය වන ජීවි කාර්යාල නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා අල්ලා ගෙන තිබේ.

    කිඹුලා ජලය සොයාගෙන ගම්වැදී ඇති අතර, එහිදි බල්ලන්ගේ බිරීමත් සමඟ කිඹුලා නිවසට ඇතුලුව ඇත.

    නිවැසියන් වනජීවි කාර්යාල නිලධාරීන්ට කළ දැනුම්දීමක් අනුව නිලධාරීන් පැමිණ අඩි 8ක පමණ දිගින් යුතු කිඹුලා අල්ලගෙන තිබේ. වන ජීවි නිලධාරීන් දැඩි පරිශ්‍රමයකින් කිඹුලා අල්ලාගෙන ජල ‍පෝෂක ප්‍රදේශයක් වෙත මුදා හැරීමට ක්‍රියා කළේය.

     

    Latest News