අඹගස්වැවේ රාහුල නාහිමියන් උපන් දිනයට කළ පුන්‍යකර්මය

ජූලි 14, 2019

    පලාගල අඹගස්වැව ඉතා දුෂ්කරතා මැද කුඩා නිවසක ජීවත් වූ ටී. බී. ඩිංගිරි අම්මා මාතාවට නව නිවසක් ඉදිකර පරිත්‍යග කිරීම රංගිරි දඹුලු රජමහ විහාරය හා ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ රාහුල නාහිමියන් අතින් සිදුකෙරිණි.


    දරුවන් හතර දෙනෙකුගෙන් යුත් මෙම මව ඉතා අසරණව ජීවත් වන බව ප්‍රදේශවාසීහු නාහිමියන් වෙත කරන ලද දැනුම්දීමක් අනුව ඒ පිළිබඳව සොයා බලා උන්වහන්සේ මෙම නිවස ඉදිකිරිමට ක්‍රියා කළශ. ප්‍රදේශයේ කැඩී බිඳී ගිය මාර්ග කිහිපයක් පිළිසකර කිරිම සහ අඹගස්වැව ගලේවෙල ප්‍රධාන මාර්ගයේ බස් නැවතුමක් ඉදිකිරිම ද ඊට සමගාමීව සිදුකෙරිණ.

    පලාගල අඹගස්වැව උන්වහන්සේ ජන්ම ලාභය ලැබූ ප්‍රදේශයවීමද විශේෂත්වයකි.

    මෙම අවස්ථාවට මාතලේ දිසාවෙහි මහ සඟරුවන උතුරු මැද පළාතේ මහසඟරුවන මෙන්ම උතුරුමැද පළාත් හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    therohouse2 px 900 19 07 14

    therohouse1 px 900 19 07 14

    Latest News