සහරාන් සමඟ අවි පුහුණුව ලැබූ තවත් අයෙක් දැලේ

ජූලි 12, 2019

    මොහොමඩ් සහරාන් සමඟ පුහුණුවීම් ලැබූ තවත් සැකකරුවෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය අද (12) මහරගම ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු, අවුරුදු 20ක් වු දිප්පිටිය, අරනායක ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් තාජුඩීන් ආෂිෆ් අහමඩ් නැමැත්තෙකි. මොහු මොහොමඩ් සහරාන් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ දී අවි පුහුණුව ලබා ඇති බව අනාවරණය වී ඇත. මීට දින 03කට පෙර ඉහත ඇඟලුම් කම්හලේ සේවයට පැමිණි ඇති අතර, මොහුව අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදා බුද්ධි අංශයේ නිලධාරීන්ගේ ද සහය ලැබී ඇත. අත්අඩංගුවට පත් තැනැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන විමර්ශන සිදුකරනු ලබයි.

     

     

     

     

     

    Latest News