රජයේ ලිපි ශිර්ෂ යොදා ගනිමින් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

ජූලි 12, 2019

    ජනාධිපති ලේකම් කාර්යාලයේ, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ සහ විදුලි බල මණ්ඩලයේ ලිපි ශිර්ෂ යොදා ගනිමින් මුදල් වංචා කළ හැටන් ලංගම ඩිපෝවේ හිටපු සේවකයෙක් පොලිස් අත්අඩංගුවට පත්වේ.

    විදුලි බල මණ්ඩලයේ සන්නිවේදන තාක්ෂණ තනතුරක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් වංචා කළ හැටන් ලංගම ඩිපෝවේ හිටපු සේවකයෙකු හැටන් පොලිසිය මගින් ඊයේ (11) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. හැටන් ගාමිණිපුර ප්‍රදේශයේ පදිංචි තරුණියක ගෙන් අදාල තනතුර ලබදිම සදහා සැකකරු විසින් රු දෙලක්ෂ විසි පන්දහසක මුදලක් ලබාගෙන තිබේ. අදාළ තරුණියට මෙම තනතුර ලබා දිම සම්බන්ධයෙන් රාජ්‍යය ආයතන කිහිපයක ලිපි හුවමාරු වි ඇති බවට හුවා දක්වන ව්‍යාජ ලිපි කිහිපයක්ද සැකකරු විසින් ලබා දි ඇත. සැකකරු මේ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රමාත්‍යය කාර්යාලය සහ විදුලි බල මණ්ඩලයේ ලිපි ශිර්ෂ යටතේ ව්‍යාජ ලිපි යොද ගෙන ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ. අදාල ලිපි වල එම රාජ්‍යය ආයතන වල උසස් නිලධාරින්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදා තිබුණද එම ලිපි වල නිල මුද්‍රාව නොතිබුණු බවයි පොලිසිය පවසන්නේ.


    අත්අඩංගුවට ගත් සැකකරු හැටන් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත්, එම සැකකරුට ආදාල රාජ්‍යය ආයතනවල ලිපි ශිර්ෂ ලැබුණු ආකාරය පිලිබදව සහ මුදල් වංචාව සම්බන්ධයෙන් පුළුල් විමර්ෂනයක් සිදු කරන බව හැටන් පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

    Latest News