සුරක්ෂා රක්ෂණයෙන් රු. කෝටි 53 ක් ප්‍රතිලාභ ලෙස

ජූලි 12, 2019

    සියලුම පාසල් දරුවන් සඳහා ක්‍රියාත්මක වන සුරක්ෂා රක්ෂණයෙන් මේ වන විට රුපියල් කෝටි 53 කට අධික මුදලක් ප්‍රතිලාභ ලෙස ලබා දී තිබේ.

    ප්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව 11,740 කි. දිවයින පුරා පිහිටි පාසල් 11,240 ක සිසුන් ලක්ෂ 45 ක පිරිසකට මෙම සුරක්ෂා රක්ෂණය හිමිවේ. දිවයිනේ සියලුම ජාතික, පළාත්, පෞද්ගලික, ජාත්‍යන්තර පාසල් හා පිරිවෙන්වල ඉගෙනුම ලබන සියලුම සිසුන්ට මෙම සුරක්ෂා රක්ෂණය නොමිලේ පිරිනැමේ. මේ රක්ෂණය සඳහා අවුරුදු 5ත් 21ත් අතර සීමාවේ පසුවන දරුවෝ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබති. සිසු දරුවන්ගේ රෝගාබාධ, හදිසි අනතුරු හා විපත් හමුවේ දෙමාපියන්ටත්, දෙමාපියන් අහිමි වීමක දී දරුවන්ටත් මෙම ප්‍රතිලාභය හිමිවේ. පෞද්ගලික රක්ෂණ සමාගමක් හා එක්ව රජය විසින් මෙම රක්ෂණය ක්‍රියාත්මක කරයි. ඒ සඳහා රජය විසින් වැය කරන 75% ක ප්‍රතිලාභ ප්‍රමාණයක් දරුවන්ට ගෙවීමට යම් හෙයකින් රක්ෂණ ආයතනය අසමත් වුවහොත්, එතෙක් ගෙවා ඇති මුදල් ප්‍රතිශතයේ සිට 75% දක්වා වන මුදල රජයට පැවරෙයි. එම කොන්දේසිය නිසා එම සමාගම රක්ෂණ ප්‍රතිලාභ දරුවන්ට ලබාදීමට දැඩි වගකීමකින් බැඳී සිටී.

    Last modified on සිකුරාදා, 12 ජූලි 2019 09:56

    Latest News