ගාලු වරායට ආසන්නයේ සැක කටයුතු යාත්‍රා 2ක් අත්අඩංගුවට

ජූලි 12, 2019

    ගාලු වරායට ආසන්න මුහුදේ සැක කටයුතු යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වෙයි.

    කුමන රටක අයත් යාත්‍රාවක් දැයි හඳනාගත නොහැකි ලෙස සැක කටයුතු ආකාරයෙන් යාත්‍රා කළ මෙම ධීවර යාත්‍රාව මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. සැක පිට නාවික හමුදාව විසින් එම යාත්‍රාව පරීක්ෂ කර තිබෙන අතර එහිදී හෙරොයින් බවට සැක මත්ද්‍රව්‍ය 60kgක් සහ සැකකරුවන් 9ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එමෙන්ම ඊයේ(11) ගාලු වරාය ආසන්නයේ දී මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් තිබී සිව් දෙනෙකු සමග අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාව සහ අද අත්අඩංගුවට ගත් මෙම යාත්‍රාව අතර සබඳතාවක් ඇති බවට සැක කරන බව නාවික හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

    Last modified on සිකුරාදා, 12 ජූලි 2019 09:09

    Latest News