ඉරිදා, ජූලි 21 2019
logo

ශ්‍රී ලංකා අගමැති හා නේපාල හිටපු අගමැති අතර හමුවක් (වීඩියෝ)

ජූලි 11, 2019

    නේපාල හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර හමුවක් අද පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණ.

    මෙහිදී, ද්විපාර්ශ්විය සාකච්ජාවේදී සමාජ හා ආර්ථික අභියෝග ජය ගනිමින් ඉදිරියට ගමන් ගත යුතු ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු විය. පාස්කු ප්‍රහාරය හේතුවෙන් මියගිය හා පීඩාවට පත් වූ ජනතාව සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කළ නේපාලයේ හිටපු අග්‍රාමාත්‍යවරයා, කෙටි කලකින් සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කළේය. රටේ ආරක්‍ෂක තත්වය වර්ධනය කිරීමට හා සිවිල් සමාජය සාමාන්‍ය තත්වයට පත්කර ගැනීම පිලිබඳව රනිල් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රසාදය පළ කළ නේපාල හිටපු අග්‍රාමාත්‍යවරයා ද්විපාර්ශ්විය සබඳතා වැඩි දියුණු කරගැනීම පිළිබඳව ද අවධානය යොමු කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 11 ජූලි 2019 22:17

    Latest News