රණවරාව රක්ෂිතයේ ගින්නක්

ජූලි 08, 2019

    වැල්ලවාය,රණ්දෙනිය, රණවරාව කදු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර 50කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ.

    ඊයේ පස්වරුවේ හටගත් ගින්න අද (8) අලුයම වන විටත් තැනින් තැන සුළු වශයෙන් පවති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. උමාඔය ව්‍යාපෘතියේ ගිනිනීවිම් ඒකකය, වන සංරක්ෂණ නිලධාරීන් සහ වැල්ලවාය පොලිසිය එක්ව ගින්න පාලනය කිරීමට ඊයේ සිට කටයුතු කළේය.

    පවතින දැඩි වියලි කාලගුණය සහ සුළං නිසා ගින්න පාලනය කිරීමට දැඩි බධා එල්ල විය. ගින්න නිසා රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ සතුන් විශාල ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී ඇති අතර කිසියම් පුද්ගලයකු සතුන් දඩයම් කිරිමේ අරමුණින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැකපළ කරයි.

    Fire1

    Fire2

    Fire3

    Last modified on සදුදා, 08 ජූලි 2019 10:20

    Latest News