බැසිල්ගේ මල්වාන ඉඩම් නඩුව කල්යයි

නොවැ 14, 2018

    රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට එරෙහි නඩුව අද කැඳවනු ලැබුවා.

    ඒ, ගම්පහ මහාධිකරණයේදී. මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන සුවිසල් නිවසක් ඉදිකිරීමෙන් මේ මූල්‍ය අවභාවිතය සිදුකර ඇති බවට ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. හිටපු අමාත්‍යවරයා සහ තිරු නඩේෂන් නමැත්තා ද ඒ වෙනුවෙන් චෝදනා ලැබ සිටිනවා. ඔවුන් අද අධිකරණයේ පෙනී සිටියා. නඩුව මෙහෙයවන නීතිඥවරු වෙනත් විශේෂ නඩුවකට පෙනී සිටින බව දැන්වීම හේතුවෙන් නඩුව ලබන පෙබරවාරි මාසයට කල් දැමුණා.

    මේ අතර සාවද්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්කිකරුවන් සිව් දෙනාට එරෙහි නඩුව හෙට සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියම කළා. නඩුවේ 4 වැනි සාක්ෂිකරු වන නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාට හෙට සාක්ෂිදීම සඳහා අධිකරණයේ පෙනී සිටින මෙන් නොතීසි ද නිකුත් කෙරුණා.

    2014 පෙබරවාරි මාසයේ සිට 2015 ජනවාරි මාසය දක්වා කාලයේ රුපියල් මිලියන 500ක් ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ලබාගැනීම විත්තිකරුවන්ට එරෙහි චෝදනාවයි.

     

     ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Latest News