කොරල්පර නැවත වගා කිරීම කන්කසන්තුරයෙන් ඇරඹේ...

ජූලි 05, 2019

    කොරල්පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතියක් උතුරු නාවික විධානය විසින් ආරම්භ කර තිබේ.

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා‍ ගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක කෙරේ. කන්කසන්තුරෙයි වෙරළ තීරයේදී මෙම ව්‍යාපෘතිය ඊයේ(04) ආරම්භ කරන ලදී.
    වර්ථමානය වන විට විවිධ හේතූන් නිසා විනාශ වෙමින් පවතින කොරල්පර ආරක්ෂා කර ගැනීම මෙහි මූලික අරමුණ වේ. ඒ අනුව නාවික හමුදා දැනුම සහ තාක්ෂණය උපයෝගී කර ගනිමින් පාෂාණ කොටස් 11 මත කොරල් වගා කිරීම එහිදී සිදු කෙරේ.
    කොරල් ආශ්‍රිතව වැඩෙන විලෝපික ශාක ඉවත් කිරීම සහ රළු මුහුදු තත්ත්වය යටතේ සිදු විය හැකි හානි මැඩපැවැත්වීමට ද නාවික හමුදාව කටයුතු කරනු ලබයි. එමෙන්ම දිවයිනේ වෙරළ ප්‍රදේශ රැසක මේවන විට නාවික හමුදාව කොරල් පර නැවත වගා කිරීමේ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කර ඇති අතර, එය නාවික හමුදාවේ නීල හරිත පාරිසරික සංකල්පය යටතේ සිදුවන පරිසර හිතකාමි ව්‍යාපෘතියකි.

    6

     

    8

    10

     

    Last modified on සිකුරාදා, 05 ජූලි 2019 09:56

    Latest News