ජූලි 05 සිට බීමත් රියදුරන් අල්ලන විශේෂ මෙහෙයුමක්

ජූලි 05, 2019

    ජූලි 05 වැනිදා සිට, මසක කාලයක් බලපැවැත්වෙන පරිදි බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

    විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව පැවසීය.

    2018 වර්ෂයේදී බීමත් රියදුරන් එක්ලක්‍ෂ පන්දහස් අනූ හතරක් අත්අඩංගුවට ගෙන ඇත.

    2019 වසරේ මුල්මාස පහක කාලය තුළ බීමත් රියදුරන් 36,359ක් අත්අඩංගුවට ගැණින.

    ජුලි 05 සිකුරාදා සිට මාසයක කාලයක් දිවයින පුරාම බලපැවැත්වෙන ලෙස බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් කිරීමට නියමිත අතර මෙහෙයුම සිදුකරන පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග පිරිනැමීමටද පොලිස් මූලස්ථානය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    Latest News