ශ්‍රී ලංකාව යළිත් ලෝකයේ හොඳම සංචාරයක ගමනාන්තය බවට නම් කෙරේ

ජූලි 05, 2019

    ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ලෝක ප්‍රකට ‘ලෝන්ලි ප්ලැනට්’ සංචාරක සඟරාව යළිත් ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකාව ලෝකයේ සංචාරය කළ යුතු හොඳම ගමනාන්තය බව ප්‍රසිද්ධ සංචාරක සඟරාවක් වන "ලෝන්ලි ප්ලැනට්" සඟරාව මේ වසර ආරම්භයේදී ප්‍රකාශයට පත් කර තිබිණ.

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට ලබාදුන් ස්ථානය අහිමිවී යනු ඇතැයි සියලු දෙනා විශ්වාස කළහ.

    නමුත් පසුගිය සතියේ ලෝන්ලි ප්ලැනට් සඟරාව නැවතත් ප්‍රකාශයට පත් කර තිබුණේ ගැටළු තිබුණත් තවමත් ලෝකයේ සංචාරය කළ යුතුම ගමනාන්තය ශ්‍රී ලංකාව බවයි.

    විවිධ ගැටළු තිබුණත් ඒවා නොතකා ශ්‍රී ලංකාවේ ජනතාව සිනහමුසුව තමන්ව පිළගත් බව එම සඟරාව ප්‍රකාශ කර තිබේ.

    තමන් ශ්‍රී ලංකාව පුරා සංචාරය කළ බවත්, මේ වනවිට රට තුළ සංචාරය කිරීමට ගැටළුවක් නොමැති බවත් ඔවුන් සඳහන් කර ඇත.

    Latest News