හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද නෑ

ජූලි 05, 2019

    ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද (05) දිනයේ ක්‍රියාත්මක නොවන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්මේන්තුව සඳහන් කර සිටී.

    දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීමක් ඊට හේතු වී ඇති බව, එහි කොමසාරිස් ජනරාල් වියනා ගුණතිලක මහතා පවසයි.

    පරිගණක පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ද පැවසේ.

    හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක නොවුව ද අනෙකුත් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි.

    Latest News