නවක පරිවේණාචාර්යවරුන් 165 දෙනෙකුට පත්වීම් ලිපි (වීඩියෝ)

ජූලි 03, 2019

    පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබාදීමේ වැඩපිළිවෙළ කඩිනමින් අරඹන බව, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    දරුවන්ට අනවශ්‍ය ප්‍රවේශයක් අහුරා, නවීනතව ටැබ් පරිගණක මෙහිදී ලබාදීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යංශයේ අද පැවති උත්සවයකදී ඔහු මේ බව අනාවරණය කළේය. පිරිවෙන් සඳහා පරිවේණාධිපති කාර්යාල ගොඩනැගිලි ඉදිකිරීමට ආධාර පිරිනැමීම, සනීපාරක්‍ෂක පද්ධති ප්‍රදානය සහ නවක පරිවේණාචාර්යවරුන් 165 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් උත්සවය සංවිධාන කර තිබිණ. වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ “සසුනට දිරිදෙන සුරකිමු පිරිවෙණ“ ව්‍යාපෘතිය යටතේයි.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා...
    “අනාගත ලෝකයේ දියුණුවත් එක්ක අපි ගමන් කළ යුතුයි. අනාගතයට යාම සඳහා තියෙන පාස්පෝට් එක තමයි අධ්‍යාපනය. ඒකේ වීසා ටික අපි හරියට ගහලා තියෙනවා. ඒ නිසා අපිට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය කැබිනට් පත්‍රිකා 11ක් දාලා සම්මත කරගන්න පුලුවන් කම ලැබුණා. තව මාස දෙකකින් විතර මේ රටේ සියලුම ජාතික පාසල්වලට උසස් පෙළ දරුවන්ට සහ ගුරුවරුන්ට ටැබ් පරිගණක ලක්‍ෂයකට ආසන්න ප්‍රමාණයක් අපි ලබාදෙනවා. ඉතා දියුණු වර්ගයේ තාක්‍ෂණයෙන් යුත් පරිගණක අඩුම මුදලකට අපිට ගන්න පුලුවන් කම ලැබිලා තියෙනවා. ලෝකයේ තියෙන දැනුමෙන් දරුවන්ව බලසම්පන්න ජාතිකයක් බවට පත්කරන්න පුලුවන් වෙනවා යැයි“ අමාත්‍යවරයා පැවසිය.

    Last modified on බදාදා, 03 ජූලි 2019 20:04

    Latest News