මිහින්තලා පුදබිමේ දැවැන්ත සංවර්ධනයක් (වීඩියෝ)

ජූලි 03, 2019

    රජ දවසින් පසු, ඓතිහාසික මිහින්තලා පුදබිමේ දැවැන්ත සංවර්ධනයක් සිදුවන පළමු අවස්ථාව වත්මන් ආණ්ඩුව විසින් මේ වනවිට ආරම්භ කර ඇතැයි, මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

    මිහින්තලා පුදබිමේ අද පැවති මාධ්‍ය හමුවකදී උන් වහන්සේ බව කියා සිටියහ.

    “මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මේ වනවිට පූජා භූමිය ඉඳිකිරීම් සඳහා ලක්‍ෂ 2380ක මුදලක් සංස්කෘතික අමාත්‍යාංශය හරහා මේ වෙනකොට වෙන් කරලා තියෙනවා. ජනාධිපතිතුමා මිහින්තලය වැව මේ වනකොට ප්‍රතිසංස්කරණය කරමින් පවතිනවා අදියර දෙක, තුනකින්. මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණ දිනය ඔක්තෝබර් මාසේ වප් මාසේ පුර අඩවක දවසේ පැවැත්වෙනවා. ඒ දිනය නිවාඩු දිනයක් බවට පත් කිරීමටත්, ඒ දිනය ගැසට් කිරීමටත්, ඊයේ අග්‍රාමාත්‍යතුමාට පිළිගනු ලැබුවා. පුජා භුමියේ තිබෙන අඩු-පාඩුකම් සකස් කරන්නටත් අගමැතිතුමාගේ උපදෙස් ලබාදුන්නා ඊයේ දවසේ දී. මේ පුණ්‍යවන්ත භූමිය සකස් කිරිම සඳහා අගමැතිතුගේ අවධානයට ලක්වීම පිළිබඳව මගේ කෘතඥතාවය මේ අවස්ථාවේ දී පිරිනමන්න කැමතියි“ පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

    Last modified on බදාදා, 03 ජූලි 2019 20:03

    Latest News