කොරල්පරවලින් 90%ක් මියගිහින්

ජූලි 03, 2019

    මෙරට කොරල්පරවලින් 90%ක් පමණ මියගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසයි.

    ඉතිරි 10% ප්‍රාණයෙන් යුක්තව පවත්වාගත යුතුව ඇතැයි, එහි ප්‍රධාන විධායක නිලධාරි ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටී. 90 දශකයේ දී ශ්‍රී ලංකාව වටා ඉතා අලංකාර කොරල්පරයක් පැවතිණ. 98 වසරේ පැමිණි එල්නිනෝ නමැති සාගර උෂ්ණත්වය වැඩිවීම හා ඊට පසු එන්නිනෝ තත්වයන් ඉතාමත් කෙටි කලක් තුළ කිහිපවරක් ඇතිවීම, කොරල්පර විනාශයට බලපෑ ප්‍රධාන සාධකයක්.

    ධීවර කර්මාන්තයේ දී භාවිත කරන අහිතකර ධීවර ආම්පන්න ක්‍රම සහ විශේෂයෙන් පුපුරන ද්‍රව්‍ය භාවිත කිරීම හා මුහුදු පතුලේ එලන ධීවර ආම්පන්න ක්‍රම ද කොරල්පර මියයාමට හේතුවී තිබේ. ඊට අමතරව වර්තමානයේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ප්ලාස්ටික් පොලිතින් දූෂණය හා ද්‍රව දූෂණය ද කොරල්පර විනාශ වීමට බලපෑ තවත් හේතු කිහිපයක්.

    Latest News