ලොව ලාබාලතම කතුවරයාගේ පරිසර පර්යේෂණ ග්‍රන්තය අගමැති අතට (වීඩියෝ)

ජූලි 03, 2019

    ලොව ලාබාලතම පරිසර ග්‍රන්ත කතුවරයා සිය ග්‍රන්ථය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පරිනමයි.

    වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යලයේ සිව් වන වසරේ අධ්‍යපනය හදාරන ඉසුරු අරුණෝද නාකන්දල ශිෂ්‍යයා විසින් රචිත "හොරගොල්ල ජාතික වනෝද්‍යානයේ සහ එහිදී අපට හමුවන සතුන්ගේ අසිරිය" නම් වූ පරිසර පර්යේෂණ ග්‍රන්ථය ඊයේ (02) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

    ඇමෙරිකාවේ "ගුගල්" ආයතනය විසින් පවත්වනු ලබන "ලෝකයේ ලාබාලතම පරිසර පර්යේෂණ ග්‍රන්ත කතුවරයා" තරඟාවලියට ඉසුරු අරුණෝද නාකන්දල සිසුවා සිය ග්‍රන්ථය ඉදිරිපත් කරමින් එම තරඟාවලියෙහි ප්‍රථම ස්ථානය ලබා ලෝක වාර්තාවක් තැබීමට සමත්ව තිබේ. ඒ අනුව මෙම වසරේ ලෝකයේ ලාබාලතම පරිසර පර්යේෂණ ග්‍රන්ථ කතුවරයා වන්නේ ශ්‍රී ලංකාවේ ඉසුරු අරුණෝද නාකන්දල ශිෂ්‍යයායි.

    මෙම තරඟයට ඔහු ඉදිරිපත් කර තිබෙන "හොරගොල්ල ජාතික වනෝද්‍යනය සහ එහිදි අපට හමුවන සතුන්ගේ අසිරිය" කෘතිය පරිච්ඡේද හයකින් සහ වචන 6500 කින් සමන්විත වන අතර එම කෘතිය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබෙන්නේ ඉසුරුගේ පියා වන හර්ෂ උදය නාකන්දල මහතා විසිනි.
    ඉසුරු නාකන්දල ශිෂ්‍ය මෙම තරඟයේ ජයග්‍රහණය ලබා ලෝකයේ ලාබාලතම පර්යේෂණ ග්‍රන්ථ කතුවරයා යන වාර්තාවට හිමිකම් කියා ඇත්තේ මීට පෙර වයස අවුරුදු නවයක අමෙරිකානු දැරියක විසින් තබා තිබූ ලෝක වාර්තාව බිද හෙලමින් වීම විශේෂත්වයකි.

    අනාගතයේ සත්ව විද්‍යඥයෙකු වීමට බලාපොරොත්තුවෙන් පසුවන ඉසුරු අරුණෝද චිත්‍ර ඇදීමට, ආත්මාරක්ෂක සටන් කලාවට සහ මලල ක්‍රීඩාවට පාසලේදී දස්කම් දක්වන අතර වෙළඳ හා ව්‍යාපාර කළමණාකරණ කථිකාචාර්යවරයෙකු වන ඔහුගේ පියා සහ ආයුර්වේද චිකිත්සකවරියක ලෙස කටයුතු කරන ඔහුගේ මව ඉසුරු අරුණෝදගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මහඟු දායකත්වයක් සපයමින් සිටිති.

    ඉසුරු අරුණෝද නාකන්දල ශිෂ්‍ය සිය ග්‍රන්ථය පිළිගන්වන අවස්ථාවට ඔහුගේ පියා වන හර්ෂ උදය නාකන්දල, මව දිස්නා නිශ්ශංක, පරිගණක උපදේශක ලෙස කටයුතු කළ සචින්ත ද ප්‍රයනාත් යන අය ද එක්ව සිටි අතර ඔවුහු අග්‍රාමාත්‍යතුමා සමග දරුවාගේ අනාගතය හා ඉදිරි පියවර පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

    Last modified on බදාදා, 03 ජූලි 2019 20:03

    Latest News