රවිඳුට හුස්ම ගන්න උදව් කරමු (වීඩියෝ)

ජූලි 02, 2019

    පෙණහලු ආබාධයක් නිසා ඔක්සිජන් බෝතලයක ආධාරයෙන් දිවි ගෙවන 16 හැවිරිදි දරුවෙකු තිස්සමහාරාම, බෙරලිහෙල ප්‍රදේශයෙන් වාර්තාවේ.

    05 වසර ශිෂ්‍යත්ව විභාගය ද සමත් මේ දරුවාගේ දෙමාපියන්ට ප්‍රමාණවත් ආදායමක් නොමැතිවීම හේතුවෙන්, ඔවුන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි අප වාර්තාකරු පවසයි. රවිඳු දිල්ෂාන් දරුවා, බෙරලිහෙල ප්‍රාථමික විද්‍යාලයෙන් ශිෂ්‍යත්ව විභාගය සමත්වුණේ ලකුණු 163ක් ලබාගනිමින්. පාසලේ වැඩිම ලකුණු හිමිකරගත් ඔහු මේ වනවිට දෙබරවැව ජාතික පාසලේ අධ්‍යාපනය හදාරමින් සිටී. කුලී නිවසක ජීවත්වන මේ පවුලේ අගහිඟකම් හේතුවෙන් මාපියන්ට තම දරුවාට අධ්‍යාපනය ලබාදීම ද අසීරු වී ඇති බව අප වාර්තාකරු පවසයි.

    child px 900 02 07 19

    රවිඳුගේ පියා පවුල රැකබලා ගන්නේ දෛනිකව කුමක් හෝ කුලී වැඩක නිරතවීමෙන් උපයා ගන්නා සුළු වේතනයෙන්. එම මුදලින් රවිඳුට ඔක්සිජන් බෝතල් ලබාගැනීම සහ ඔහුට දියයුතු ගුණාත්මක ආහාර වේල් ලබාදීම ද දුෂ්කර වී තිබේ. කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන මේ දරුවාගේ සැත්කමක් සඳහා විදෙස් ගතවීමට අවශ්‍ය වී ඇතත්, එය මෙතෙක් ඉටු කිරීමට නොහැකි වී ඇත්තේ, පවුලේ අගහිඟකම් නිසයි. දැනට දිගින් දිගටම ඔක්සිජන් පමණක් ලබාදෙමින් දරුවා රැකබලා ගැනීම සිදුවේ. රවිඳුගේ අරමුණ අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ද විශිෂ්ට ජයක් හිමිකර ගැනීමයි. තම දරුවාගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගැනීමටත් ඔහුගේ ප්‍රතිකාර සඳහාත් හැකි පමණික් උපකාරයක් ලබාදෙන ලෙස එම දෙමාපියන් පරිත්‍යාගශිලින්ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා.

    විමසීම්; 077-8756894        -     අංක 253, කුඩා ගම්මාන හතර, ජයගම, බෙරලිහෙල, තිස්සමහාරාමය

    Last modified on බදාදා, 03 ජූලි 2019 18:00

    Latest News