ශ්‍රීලනිප නව සංවිධායකවරුට ජනපති අතින් පත්වීම්

ජූලි 02, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප‍්‍රතිසංවිධාන වැඩසටහන යටතේ නව සංවිධායක පත්වීම් ප‍්‍රදානය සහ සංවිධායක ධූරයන් යථාවත් කරමින් පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීරපාල සිරිසේන මැතිතුමා අතින් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ඒ අනුව මොරටුව ආසනයේ නව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස තිලංග සුමතිපාල මහතා ද, රත්නපුර ආසනයේ නව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක මහතා ද, මින්නේරිය ආසනයේ හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයෙ නව සංවිධායක ලෙස බී.ආර්. උඩවත්ත මහතා ද, ඇලහැර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ සම සංවිධායක ලෙස රෝහිත හත්තොටුව මහතා ද පත් කර සිටි.

    මහනුවර ගලගෙදර ආසනයේ නව සංවිධායක ලෙස ලාල් සිසිර බණ්ඩාර ගිරිහාගම මහතා ද,බිබිල ආසනයේ නව සංවිධායක ලෙස නීතිඥ උදාර සොයිසා මහතා ද ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි ලබා ගත්හ.

    මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පත් කෙරුණු නව දිස්ත්‍රික් සංවිධායකවරුන්ට ද මෙහිදී ජනාධිපතිතුමා අතින් පත්වීම් ලිපි පිළිගැන්විණි.

    Latest News