රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ නිවාරණ කොට්ඨාසයට (වීඩියෝ)

ජූලි 02, 2019

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට කැඳවා තිබිණ.

    ඒ ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති පැමිණිල්ලකට අදාළ වැඩිදුර කරුණු විමසීම සඳහා. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය, සතොස වාහන අවභාවිත කිරීම ආදි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඇතුළු විපක්‍ෂ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් අදාල පාර්ශව ගෙන්වා වැඩිදුර විමර්ශන සිදුකරන ලෙස ඉල්ලමින් බදියුදීන් මහතා කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට මීට පෙර පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 02 ජූලි 2019 19:50

    Latest News