CEB වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නවත්වයි (වීඩියෝ)

ජූලි 01, 2019

    ලංකා විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම අත්හිටුවීමට ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ගෙන තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නැවැත්වූ බව, ඛනිජ තෙල් ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

    අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ ඛනිජ තෙල් ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුවේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද පැවති සාකච්ජාවකදී මේ තීරණය ගෙන ඇත. කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා දිවෙන තෙල් ප්‍රවාහන නල මාර්ගයේ ඉතිරි මීටර් 140ක ප්‍රමාණය ප්‍රතිසංස්කරණය කිරීම නවතා තිබීම හේතුවෙන් එම ක්‍රියාමාර්ගය ගෙන තිබේ. තෙල් ප්‍රවාහන නල මාර්ගය මත ජීවත්වන අනවසර පදිංචිකරුවන්ගේ විරෝධය හේතුවෙනුයි, නල මාර්ග පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු නවතා තිබුණේ.

    Last modified on සදුදා, 01 ජූලි 2019 20:21

    Latest News