ජපානයෙන් නව ගිනි නිවන රථ දෙකක්

ජූලි 01, 2019

    ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම විසින් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 151ක් වටිනා ගිනි නිවන රථ දෙකක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් භාරදීම අද (01) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

    වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ මැදිහත්වීමෙන් මෙකී ගිනි නිවන රථ පරිත්‍යාග ලෙස ශ්‍රී ලංකාවට ලැබුණු අතර, ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ එරංගා තිලකරත්න මහත්මිය විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබීය.

    මෙම ගිනි නිවන රථ දෙක ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ භාවිතය සඳහා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙත භාරදීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

    වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Latest News