යුද හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව (වීඩියෝ)

ජූලි 01, 2019

    දුම්රිය වර්ජන වැළැක්වීමට, කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

    එහි එක් පියවරක් ලෙස යුද හමුදා නිලධාරීන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට නියමිතයි. ජාතික රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ පිළිබඳව අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා...

    “අපි දැක්කා ඊයේ, පෙරේදා දුම්රිය වර්ජනය අවස්ථාවේ මගීන් දුම්රියේ වහළයේ ගමන් ගත්තා. මේ වගේ දසුන් අපි දැක්කේ බංග්ලාදේශයේ, ඉන්දියාවේ වගේ. අපේ රටේත් එහෙම තත්වයක් වුණා. රටේ ජනතාව හැමදාම මේ වගේ පීඩාවට පත් කරන්න දෙන්න බැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳව හොඳ කල්පනාවෙන් ඉන්න. අපි මේක විසඳන්න පුලුවන් තරම් උත්සාහ කරනවා. අපි දැන් කැඳවලා තියෙනවා විශ්‍රාම ගිය දුම්රිය රියදුරන්, නියාමකයින්. අපි ඔවුන්ට කොන්ත්‍රාත් පදනම මත අවුරුද්දක රැකියාව ලබාදීලා, පඩියක් දීලා වැඩකරන සෑම දවසකම වර්ජනය කාලේ ඔවුන්ට යම්කිසි මුදලක් ලබා දෙන්න අපි වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා දැනුවත් කරලා හමුදාපතිවරයාගෙන් අපි ඉල්ලීමක් කළා හමුදාවේ 50-100ත් අතර ප්‍රමාණයක් ඉන්දියාවට යවලා රියදුරන් වශයෙන් පුහුණු කරලා ඔවුන් මේ සඳහා යොදවන්න. ඒ පිළිබඳවත් අපි වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. මේක අපි ඒ දවස්වල ඉඳන් කිය කිය හිටියා. අනිවාර්්‍යයන්ම මේක කළ යුතු වැඩක්. මෙවැනි හදිසි වැඩ වර්ජනවලදී ජනතාව අපහසුතාවට පත්වෙන්නේ නැතුව මේ සේවාවන් ඉදිරියට ගෙනියන්න මේ විධියට සිදුවිය යුතු යැයි අපි සිතනවා. අපි අනිවාර්්‍යෙයන්ම ඒක කරන්න බලාපොරොත්තු වෙනවා“ යැයි රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

    Last modified on සදුදා, 01 ජූලි 2019 19:53

    Latest News