GMOA නවින්දගේ සායනයට කළු තෙල් ප්‍රහාරයක්

ජූනි 28, 2019

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතාගේ පෞද්ගලික වෛද්‍ය සායන පවත්වන ස්ථානයට කළුතෙල් හා ගල් ප්‍රහාරයන් එල්ල වී තිබේ.

    කළුතර වස්කඩුවේ පිහිටි ඒ මහතාගේ වෛද්‍ය සායනය පවත්වන ස්ථානයට ඊයේ රාත්‍රී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව වාර්තාවේ. සොයිසා මහතා ප්‍රකාශ කළේ, අද උදෑසන මේ පිළිබඳව තමා දැනගත් බවයි.

    අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ, වෛද්‍ය නවින්ද සොයිසා මහතාගේ පෞද්ගලික සායනයට එල්ල වී ඇති බියගුලු ප්‍රහාරය හෙළා දකින බවයි. රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සමඟ මතවාදී ගැටුම් පැවතියත්, මෙම ක්‍රියාව දැඩිව හෙළා දකින බව ද එහි සඳහන් වේ. ඒ පිලිබඳව අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පවත්වා වරදකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස උසස් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව රාජිත සේනාරත්න මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Latest News