කල් පැන්න බෙහෙත් තොගයක් පාලු ඉඩමක දමා ගිහින්

ජූනි 23, 2019

    හොරණ ගෝනපල ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට කල් ඉකුත් වූ ඖෂධ තොගයක් ගෙනත් දමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

    මෙම කල් ඉකුත් වූ ඖෂධ විශාල තොගය රාත්‍රී කාලයේ දී රහසි ගත ලෙස ගෙනත් දමා තිබියදී ඊයේ(22) සොයා ගෙන ඇත. ප්‍රදේශවාසීන් කියා සිටින්නේ මෙම ඖෂධ ඉන්දියානු සමාගම අයත් ඒවා බවයි. මෙසේ කල් ඉකුත් වූ බෙහෙත් මේ ආකාරයට අක්‍රමවත් ලෙස පරිසරයට මුදා හැරීමෙන් මෙම ප්‍රදේශයේ දුගද හැමීමේ තත්ත්වයක් ඇතිවී ඇත. මේ නිසා පරිසර ජීවීන්ටද අහිතකර බලපෑම් ඇතිවීමේ අවධානමක පවතින අතර විවිධ පාරිසරක ගැටළු ඇතිවිය හැකි බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.

    මේ පිළිබඳව මොරගහහේන පොලිසිය දැනුවත් කර ඇත.

    Latest News