කිරින්ද මුහුදේ ගිලී පියා,දියණිය මරුට

ජූනි 23, 2019

    කිරින්ද,යාල මුහුදු තීරයේ රළ පාගමින් සිටි එකම පවුලේ මව,පියා,දියණියන් දෙදෙනෙක් රළ පහරට හසුවීමෙන් පියා හා එක් දියණියක් මියගොස් තිබේ.

    අනතුර සිදුව ඇත්තේ අද (23) උදෑසන 7.30ට පමණ. පිරිස රළ පහරට හසුව ගසාගෙන ගොස් දියේ බරපතල තත්වයෙන් කිරින්ද හා දෙඹරවැව රෝහල්වලට ඇතුළත් කිරීමෙන් පසුවයි ඔවුන් දෙදෙනා මියගොස් ඇත්තේ.

    බරපතල තත්වයේ පසුවන මව හා අනෙක් දියණිය දෙඹරවැව රෝහලේ ප්‍රතිකාර ලබයි. මෘත ශරීර දෙඹරවැව හා කිරින්ද රෝහල්වල මෘත ශරීරාගාරවල තැම්පත් කර තිබේ. මෙම පිරිස නුවරඑළිය ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. කිරින්ද පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     

    Last modified on ඉරිදා, 23 ජූනි 2019 10:45

    Latest News