පූජ්‍ය අම්පිටියේ මංගල නාහිමියෝ අපවත් වූහ

ජූනි 23, 2019

    මහෝපාධ්‍යාය විනය කීර්ති ශ්‍රී සද්ධාතිස්ස, ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත පූජ්‍ය අම්පිටියේ මංගලාභිධාන නායක ස්වාමීන් වහන්සේ අපවත් වූහ.

    මහා විහාර වංශික ශ්‍යාමෝපාලි වනවාසී සංඝ සභාවේ අනුනායක ධූරය හෙබවූ උන් වහන්සේ ඉංගිරිය, මඩකඩ ආරණ්‍ය සේනාසනාධිපති ලෙස කටයුතු කළ සේක.

    මේ වන විට අනුනායක හිමියන්ගේ දේහය මඩකඩ ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේ තැන්පත් කර තිබේ. දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට(24) ප.ව. 2:30ට මඩකඩ ආරණ්‍ය සේනාසන භූමියේදී සිදු කෙරේ.

    Latest News