අමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගුයි

ජූනි 19, 2019

    නොවැලක්විය තත්වයක් මත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුනොකෙරෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

    මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ චාරිකා කිරිමට නොහැකිවීම සම්බන්ධයෙන් කණගාටුව පල කරන අතරම ඉදිරි කාලයේ මෙරටට අපෙක්ෂා කරන බව රාජ්‍ය ලේකම්වරායා ප්‍රකාශ කර තිබේ.

    අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මහතා, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ ජපානයේ G20 සමුළුවට සහභාගී වීමට නියමිතයි. අමෙරිකානු රාජ්‍ය ලේකවරයා මේ මස 24 වන දා සිට 30 වන දා අතර කාලය තුළදී සැලසුම් කර තිබූ ආසියානු සංචාරය තුළදී ශ්‍රී ලංකාවේද චාරිකාව සිදුකිරිමට නියමිතව තිබිණි.

     

    Last modified on බදාදා, 19 ජූනි 2019 16:05

    Latest News