බුදුපුත් මාපිය කැපකරු නිවාස යෝජනා ක්‍රමය අමාත්‍ය සජිත්ගෙන්

ජූනි 16, 2019

    කුල දරුවන් සසුනට දායාද කළ දෙමව්පියන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ බුදුපුත් මාපිය කැපකරු නිවාස යෝජනා ක්‍රමය දීප ව්‍යාප්තව ආරම්භ කරන බව, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    තිස්සමහාරාම රජමහා විහාරස්ථානයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. පොසොන් උත්සවයට සමගාමීව රුපියල් ලක්‍ෂ 2,272ක වියදමින් විහාරස්ථානය සංවර්ධනය කෙරේ. සංඝාවාස ගොඩනැගිල්ල සඟ සතු කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණ. පොදු පහසුකම් ගොඩනැගිල්ලට මුල්ගල තැබීම, සඳගිරි ස්ථූප මාර්ගය ඉදිකිරීම ඇතුළු වැඩසටහන් රැසක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත, මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. තිස්සමහාරාම පොසොන් පූණ්‍යොත්සවය මෙවර පැවැත්වෙන්නේ අමාත්‍යවරයාගේ මුලිකත්වයෙන්

    “විශේෂයෙන් ඊයේ දවසේ ලංකාවේ 2500 වැනි උදාගම්මානය මුල්ගල් තියලා බුදුපුත් මාපිය කැපකරු නිවාස යෝජනා ක්‍රමයට මුලික පියවර තිබ්බා. අපේ අරමුණ වන්නේ සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවන් වන මහා සංඝරත්නය සසුනට දායාද කළ ඒ ආදරණීය දෙමාපියන් වෙනුවෙන් විශේෂිත වූ නිවාස ආධාර වැඩසටහනක් ආරම්භ කරලා ඒ අයට තිරසර වහලක් යට, තමන්ගේම නිවසක් තුළ ජිවත්වීමේ අයිතිය අපි ලබාදෙන්නට කටයුතු කරනවා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on ඉරිදා, 22 දෙසැම්බර් 2019 18:45

    Latest News