ජාතිවාදය අවුස්සන මුස්ලිම් දේශපාලකයින්ට රංජන්ගෙන් යෝජනාවක් (වීඩියෝ)

ජූනි 12, 2019

    එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, අසාද් සාලි හා රිෂාඩ් බදියුදීන්ට, බුද්ධිමත් ලෙස කටයුතු කරන අනෙකුත් මුස්ලිම් නායකයන් අනුගමනය කරන ලෙස රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඉල්ලයි.

    පසුගියදා හිස්බුල්ලා සහ අසාද් සාලි යන මහත්වරුන් කළ ප්‍රකාශවලට පිළිතුරු දෙමින් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා අද (12) මේ බව ප්‍රකාශ කළේය.

    බහුතර සිංහල ජනතාවගේ හිත් රිදවන ප්‍රකාශ කරන මෙවැනි මුස්ලිම් නායකයන් ඉමිතියාස් බාකිර් මාකර්, කබීර් හෂීම් හා ඒ.එච්.එම්. ෆවුසි වැනි ආදර්ශමත් නායකයින් අනුගමන කරන ලෙස ඔහු සඳහන් කරයි.

    නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා පසුගියදා නැගෙනහිර ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කළ ප්‍රකාශය මුස්ලිම් නොවන ජනතාවගේ හිත් රිදවීමේ ප්‍රකාශක් බව ඔහු පවසයි. මුස්ලිම් ජනතාව බියට පත් වී නිවාස ඇතුලට වී සිටි කාලය හොඳටම ඇති යැයිද මුස්ලිම් ජනතාව හිස ඔසවා සිටිය යුතු යැයිද" සඳහන් කරමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණ.

    අදහස් දැකවූ රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා...

    "මේ මොනාවද මේ හිස්බුල්ලා මහත්මයා කියන්නේ ඔහු කියනවා මෙහෙ සුළු ජාතියක් වුණාට අපි ලෝකයේ මහා ජාතියක් කියලා.. හැප්පිලා බලමු. මෙහෙම උනොත් මැදපෙරදිගින් තෙල් එන්නේ නෑ. මුස්ලිම් ජනතාවම පීඩනයෙන් ඉන්නේ... ඇයි අපි පීඩනයෙන් නෙවෙයි ද ඉන්නේ ? මුස්ලිම් ජනතාව මීට වඩා නිහතමානි වෙන්න කියලා කියනවා... මුස්ලිම් ජනතාව මීට වඩා කතා කරන දේවල් සංයමයෙන් නිහතමානීව වෙලා කියන්න කියලා... මම කියන්නේ කරුණාකරලා බුද්ධිමත් දේශපාලඥයෝ අනුගමනය කරන්න... ජාතිවාදය ඇතිවෙන ප්‍රකාශ කරන්න එපා" යැයි සඳහන් කරයි.

    Last modified on බදාදා, 12 ජූනි 2019 19:16

    Latest News