කිංග්ස්බරි බෝම්බකරුගේ සබඳතා ගැන CID යෙන් අධිකරණයට වාර්තාවක්

ජූනි 12, 2019

    මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නොහොත් අබ්දුල්ලාහ් යන කිංග්ස්බරි හෝටල් බෝම්බකරු ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සක්‍රියව සම්බන්ධව සිට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත් ජයන්ත නානායක්කාර මහතාට අද (12) දැනුම් දුනී.

    මොහු 2014 වසරේ සිට එයට සම්බන්ධව සිටි බව සිදුකළ විමර්ශන වලින් අනාවරණය වි ඇති කියා සිටියේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියේ එම බෝම්බකරු සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

    සැකකරු ඇතුලු අනෙකුත් සැකකරුවන් එඩේරමුල්ල සහ නින්දවුර් යන ස්ථානවල ආරක්ෂක නිවස්න වල වාසය කර ඇති බවත් නුවරඑළිය පිහිටි කඳවුරකදී අවි ආයුධ පුහුණුව ලබා ඇති බවත් අද අධිකරණයට කියා සිටියේය.

    මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නොහොත් අබ්දුල්ලාහ් යන සැකකරු අවසන් වරට ජයන්ති මාවත කොලොන්නාව යන ලිපිනයේ නිවසක පදිංචිව සිටි බවට සොයාගෙන ඇත. එම නිවසේ තිබි අරාබි පාසල් ආරම්භ කිරිමට ආදාල පුරවන ලද අයදුම්පතක් ඇතුලු ලේඛන අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට කියා සිටියේය. එම අයදුම්පතේ ලෙකම් ලෙස ඉමුරා ලෙබ්බේ මොහොමඩ් සාජිත් නැමැති සැකකරු අත්සන් තබා ඇති බවත් ඔහුව අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීයීය.

    එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් වලින් වැලිගම පදිංචි හම්සා මොහොමඩ් වකාර් යූනුස් යන අයගෙන්ද ප්‍රශ්න කළ බවත් පොලිසිය අධිකරණයට කියා සිටි. සැකකාර බෝම්බකරු සමග අවි පුහුණුව ලැබු කාත්තන්කුඩි මොහොමඩ් හජියාර් පටුමගේ පදිංචි සේනුල් ආබ්දීන් මොහොම්මදු ජසීල් යන අයද ඉකුත් මැයි මස 30 වනදා අත්අඩංගුවට ගත් බවත් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බවත් පෙලීසිය අධිකරණයට කියා සිටියේය.

    සිද්ධියට අදාළව බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය සැකකරුගේ හිස් කඹල පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බැවින් මරණ පරීක්ෂනය සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලුවේය.

    සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර ජුලි මස 10 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස වැඩබලන නිලනොලත් මහේස්ත්‍රාත් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    Latest News