රාජකාරියට එහා ගිය මනුස්සකම

ජූනි 12, 2019
  • බේරුවල සහ තදාසන්න ප්‍රදේශවලට බලපෑ තද සුළං සමඟ වැසි තත්වයන් නිසා බේරුවල ගාලුපාර කතෝලික දේවස්ථානය ඉදිරිපිට මාර්ගයට ගසක් කඩා වැටීම නිසා පැයක් පමණ ගාලු පාරේ වාහන ගමනාගමනට බාධා පැමිණියේය.

    වර්ෂාවත් සමග පැවති මාර්ග තදබදය දැක එම ස්ථානයට නුදුරින් සේවය කළ බේරුවල පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනක් පැමිණ මෙම වැටුණු ගස ඉවත් කිරීමට කටයුතු කරන ලදී. එක් නිලධාරියෙක් අසළ තිබූ වෙළඳ සැළකින් පිහියක් ගෙනවිත් වැසි නොබලා ගස කපා ඉවත් කිරීමට මහත් වෙහෙසක් දැරීය. ගස ඉවත් කිරීමෙන් පසු පැයක් පමණ රථවාහන තදබදය ඉවත් විය.

    Last modified on බදාදා, 12 ජූනි 2019 15:04

    Latest News