බදාදා, ජූනි 19 2019
logo

icc

ශ්‍රී ලංකා ක්‍රිකට් බංකොලොත් බවට සමාජ මාධ්‍ය ප්‍රචාරයක්

ජූනි 11, 2019

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ කිසිදු මූල්‍ය අර්බුදයක් පැන නැගී නොමැති බව එහි සභාපති ෂම්මි සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කරන්නේ සමාජ ජාල හා අන්තර්ජාලය තුළ හුවමාරු වූ පලකිරීමක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

    ඉන්දියානු වෙබ් අඩවියක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ පල කළ වාර්තාවක් පිළිබඳව සමාජ ජාල තුළ හුවමාරු වී තිබේ. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් පරිපාලනයේ අක්‍රමිකතා නිසා එම ආයතනය තව මාස 9ක් තුළ බංකොලොත් බාවයට පත්වන බව සඳහන් වී ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරන්නේ එම වාර්තාව වැරදි තොරතුරු මත හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කීර්ති නාමයට හානි කිරීමේ අරමුණින් පල වූ අසත්‍ය එකක් බවයි.

    එම ව්‍යාජ වෙබ් අඩෙවි වාර්තාවේ පල වන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ට ලෝක කුසලාන තරගාවලිය සඳහා ගුවන් ටිකට් පත් ලබා දීම සිදු කර නොමැති බව ක්‍රිකට් ආයතනය සඳහන් කරයි. එම විධායක කමිටු සාමාජිකයන් සඳහා අනුග්‍රාහක වරප්‍රසාද මත නොමිලේ ගුවන් ටිකට් පත් ලබා ගැනීමක් සිදු කළ අතර  අනෙකුත් සාමාජිකයන් ඔවුන්ගේ වියදමින් බ්‍රිතාන්‍ය බලා ගමන් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා ......

    "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ කිසිදු මූල්‍ය අර්බුදයක් නැති බව සභාපති ලෙස මට වගකීමෙන් ප්‍රකාශ කළ හැකියි. මෙම ආයතනය පෙබරවාරි මස අප බාරගන්නා විට මූල්‍ය තත්වයේ අයහපත් වුවත් එහි සංවර්ධන කටයුතු සහ අනෙකුත් වියදම් ප්‍රමුඛතා පිළිවෙළකට යොදාගත් අතර මම සහ මාගේ කමිටුව මූල්‍ය වගකීම සහ තීරණ ගැනීම ඉතා විනිවිද භාවයකින් සිදු කළ බව ස්ථිර වශයෙන් සඳහන් කළ හැකියි. මේ අවස්ථාවේ අප ආයතනය තුළ කිසිදු මූල්‍ය අර්බුදයක් නැති බවත් මෙම වාර්තාව වර්තමාන පරිපාලනය අස්ථාවර කිරීමට සහ ශ්‍රී ලංකා කණ්ඩායම අධ්‍යෛර්යමත් කිරීමේ අරමුණින් පල වූවක් ලෙස මට සනාථ කළ හැකියි" යැයි ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා යන මහත්වරුන්ද මේ පිළිබඳ විරෝධය දක්වා ඇත. එමෙන්ම මෙවැනි අසත්‍ය ප්‍රකාශන සම්බන්ධව නීති මාර්ගයෙන් කටයුතු කිරීමට බලපොරොත්තු වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    Last modified on අඟහරුවාදා, 11 ජූනි 2019 20:25

    Latest News