ඇමති සජිත් හෙලිදරව්වක - තරු හෝටල‍ේදි බුද්ධාගම අන‍තුරේ දමන වැඩපිළිවෙලක් (විඩියෝ)

ජූනි 11, 2019
  • වචනයෙන් පමණක් බෞද්ධයෙකු නොවී බුදු දහමේ උන්නතිය වෙනුවෙන් සැබෑ ප්‍රායෝගික බෞද්ධයෙකු ලෙස කටයුතු කළ යුතු බව, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

    ඊයේ පැවති උත්සවයක දී ඔහු කියා සිටියේ, ජනතාව ප්‍රතික්‍ෂේප කළ දේශපාලනඥයින් ඉහළ පෙළේ හෝටල්වල සිට ප්‍රවෘත්ති සාකච්ජා පවත්වමින් බුදුදහම අනතුරේ යැයි පවසන්නේ, බුදුදහම ආයුධයක් කර ගනිමින් ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට බවයි.

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා....

    “තරගයට කරුණු ඉදිරිපත් කරන මේ යුගයේ තරු පහේ හෝටල්වල, තරු හතේ හෝටල්වල මහා විශාල ධනස්කන්දයක් කැප කරලා සාකච්ජා පවත්වලා, බුද්ධාගම අනතුරේ කියලා කියනවා. මේ ඇත්තෝ මේ ප්‍රකාශ කරන්නේ බුද්ධාගමට තියෙන කැක්කුම හින්දා නොවෙයි. තමන්ගේ අනාගතය ගැන තියෙන ලොකුම කැක්කුමක් නිසා තමයි මේ අය මේ ප්‍රකාශ කරන්නේ. ප්‍රකාශ කරන මේ ඇත්තන්ට මේ රටේ අසීමිත බලයක් තිබුණා වසර ගණනාවක්. මම අහන්න කැමතියි රාජ්‍ය මැදිහත්වීමෙන් දහම් පාසල් ශාලා හැදුවද, චෛත්‍යරාජයාණන් වහන්සේලා මේ රටේ ඉදිවුණාද? රාජ්‍ය මැදිහත්වීම තුළින් පන්සල්වල තිබෙන අඩුපාඩුකම්වල රටේ ප්‍රධානීන් මැදිහත් වෙලා ඒ ආගමික සේවාව ඉෂ්ඨ කරාද? මේ පහුගිය වසර හතරහමාර තුළ තරම් මේ රටේ විහාරස්ථානවල පද්ධතියට උදව් කළ යුගයක් මෑත කාලයේ නැහැ“ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ගම්පහ, මීරිගම ලෝලුවාගොඩ සිරිවිජයරාජාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍යයට මුල්ගල තැබීමේ පූණ්‍යෝත්සවයට එක්වෙමින්. “සසුනට අරුණ“ වැවයි, දාගැබයි-ගමයි, පන්සලයි වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මකයි. ඉදිකිරීම් සඳහා රුපියල් හතළිස් ලක්‍ෂයක් වෙන් කර තිබේ.

    Last modified on බදාදා, 12 ජූනි 2019 12:17

    Latest News