ආගම්වාදය පතුරවන, මිනිසුන් වෛරය වැපිරවීමේ උත්සහයක්

ජූනි 11, 2019

    “වෛරී ප්‍රකාශ ජාතික ආරක්‍ෂාව සහ එකමුතුව බිඳ වැටීමට බලපායි“ තේමාවෙන් විද්වත් සම්මන්ත්‍රණයක් කොළඹ දී ඊයේ සවස පැවැත්විණ.

    ඒ, විවිධ ක්‍ෂේත්‍රගත වෘත්තියක් පිරිසකගේ සහභාගිත්වයෙන්. එහිදීපළවූ අදහස් කිහිපයක් මේ. එහිදී අදහද් දැක්වූ පූජ්‍ය දහම් පහළ රාහුල ස්වාමීන් වහන්සේ...

    “ජීවත්වීමේ කලාවක් තියෙනවා. ඒ කලාව හරි චමත්කාර ජනකයි. ඒක හඳුනගන්න ඕනේ. ඒක නොහඳුනන කෙනා වෛරය ව්‍යාප්ත කරනවා. ඇයි අපිට බැරි සියලු දෙනාට මෛත්‍රීය, දයාව, කරුණාව, සෙනෙහස, ආදරය කියන එක ව්‍යාප්ත කරන්න. ලෝකේ බලන්න පුලුවන් ඇස් දෙක රැකගන්න. ඇහැක් කවුරු හරි ගත්තොත් එයාගේ ඇස් දෙකත් රැකගෙන අපේ අනෙක් ඇහැත් රැකගන්න අපි කටයුතු කරමු. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවායි පුජ්‍ය රාහුල හිමි පැවසීය.

    ජනාධිපති නීතිඥ අලි සබ්ර් මහතා...

    alee px 900 11 6 19


    “ආගමක් අදාල වෙන්නේ මනුස්සයෙකුටනේ. තිරිසන්නුන්ට ආගම අදහන්නේ නැහැනේ. ඒ හින්දා අපි මුලින්ම මනුස්සයෙක් කියන එක තේරුම් අරගෙන අපි මනුෂ්‍යත්වයට ගරු කරලා ඊට පස්සේ තමයි තමන්ගේ ආගම. ඕනෑම පුද්ගලයෙකු තුළ තියෙනවා, මනුස්ස ගතියත්, තිරිසන් ගතියයි. ආගමින් කරන්න ඕනේ මේ මනුස්ස ගතිය ඉස්මතු කරන එක. නැත්නම් තිරිසන් ගතිය ඉස්මතු කරනවා නම් ඒ ආගමේ ඇති ඵලක් නැහැ. ලංකාවේ නීතිය නම් ප්‍රමාණවත්. මේකේ තිබුණට ෆේස් බුක් එක ටිකක් බලන්න උඩ ඉඳලා යටට යනකම් තනිකරම තියෙන්නේ ජාතිවාදය පතුරවන, ආගම්වාදය පතුරවන, මිනිසුන්ට වෛරය වපුරන කතා තමයි තියෙන්නේ. නීතියේ ප්‍රශ්නයක්ද? නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයක් ද“ යැයි අලි සබ්රි මහතා පැවසිය

    Last modified on අඟහරුවාදා, 11 ජූනි 2019 20:34

    Latest News