රතන හිමි මඩකළපුව විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණයක

ජූනි 11, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද(11) පස්වරුවේ මඩකළපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය නිරික්ෂණය කිරීම සඳහා එම ස්ථානයට වැඩම කර ඇති බව වාර්තාවේ.

    වාර්තාවන ආකාරයට එම ස්ථානය භාරව සිටින යුද්ධ හමුදා නිලධාරීන් රතන හිමියන්ට විශ්වවිද්‍යාලට ඇතුල් වීමට මුල් අවස්ථාවේ ඉඩ ලබා දී නොතිබිණ.

    ජනතා නියෝජිතයෙක් ලෙස එම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණි පූජ්‍ය රතන හිමියන් අදාළ පොලිස් අවසර ලබා ගැනීමෙන් පසු හමුදා නිලධාරීන් විසින් රතන හිමියන් ඇතුළු හිමිවරුන් 10 දෙනෙක් එම විශ්වවිද්‍යාලය භුමීය තුළට කැඳවාගෙන ගොස් පරිශ්‍රය නිරීක්ෂණය කර තිබේ.

    Latest News