සුලඟකින් සියඹලාණ්ඩුවේ නිවාස දහයකට හා වගා බිම් රැසකට හානි

ජූනි 10, 2019

    සියඹලාණ්ඩුව කිඹුලාවෙල ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ‍තිස් දෙක කොටස ගම්මානයට අද (10) හමා ගිය සුලගකින් නිවාස දහයකට හානි සිදුවී තිබේ.

    ඊට අමතරව ප්‍රදේශයේ වගා කර තිබු ගම්මිරිස්, පොල් සහ කොස් ගස් රැසක්ම විනාශ වී ඇති බව අප වාර්තාකරු පවසයි. ඊයේ (9) රාත්‍රි ආරම්භ වූ සුලග අද දහවල් වනතුරු පැවතියේ යැයි ජනතාව කියා සිටි. 

    එම නිවාස සහ වගාවන් පිළිබඳ තොරතුරු කඩිනමින් ලබාගෙන ඔවුන් වෙත වන්දි ලබා දීමට පියවර ගන්නා බව මොනරාගල දිස්ත්‍රික් ආපදාකලමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර කියා සිටි.

    Last modified on සදුදා, 10 ජූනි 2019 17:29

    Latest News