හදිසි නීතියට එරෙහිව වියන්ගොඩගෙන් සහ පාක්‍යසෝතිගෙන් පෙත්සම් 02ක්

ජූනි 10, 2019

    රට තුළ ප්‍රකාශයට පත් කර ඇති හදිසි නීති රෙගුලාසි මාලාවේ අඩංගු ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළ මූලික අයිතීවාසිකම් උල්ලංඝනය වන බවට ගොනු කෙරුණ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීමට ජුලි 05 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු සහ පුරවැසි බලය සංවිධානයේ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් පෙත්සම් ඉදිරිපත් කර ඇත.

    පෙත්සම් වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපතිවරයා නම් කර තිබේ. අප්‍රේල් 21 පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර වලින් පසුව රටේ උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගෙන ජනාධිපති විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ බව පෙත්සම්කරුවන් කියා සිටි.

    හදිසි නීති රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව අනුමත කර ඇති බව පෙත්සම්කරුවන් පවසති. හදිසි නිති රෙගුලාසි මාලාවේ ඇතැම් වගන්තිවලින් අධිකරණයේ බලතල සීමා කිරීමක් සිදුවන බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන බව පෙන්වා දේ.

    මේ අනුව ප්‍රකාශයට පත් කළ හදිසි නීති රෙගුලාසි තුළ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි. පෙත්සම අද සලකා බැලීම සඳහා ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර ඇත.

    Last modified on සදුදා, 10 ජූනි 2019 18:08

    Latest News