චීනයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට නෞකාවක්

ජූනි 10, 2019

    මහජන චීන සමූහාණ්ඩුව මඟින් ශ්‍රී ලංකා රජය වෙත ලබා ගන්නා ලද P 625 නෞකාව නිල වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව භාර ගැනීමේ උත්සවය පසුගිය ජූනි 05 දින චිනයේ ෂැංහායි පිහිටි නාවික තටාකාංගණයේදී සිදු කෙරුණි.

    ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ මහතා මේ අවස්ථාවට එක්විය.

    ඒ අනුව, චීන රජය නියෝජනය කරමින් උපකරණ හා තාක්ෂණික සහයෝගිතා කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් ෆැන් ඡීයෑන්ජූන් විසින් P 625 නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් නලින්ද්‍ර ජයසිංහ හට නිල වශයෙන් නෞකාව භාර දීමට කටයුතු කරන ලදී.

    1994 වර්ෂයේ නිශ්පානදය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112 ක් සහ පළලින් මීටර් 12.4 ක් වන අතර, එහි ධාරිතාවය ටොන් 2300 ක් වේ. මෙම නෞකාවේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි. එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා යොදා ගැනීමට අපේක්‍ෂා කර ඇත.

    P 625 නෞකාව භාර ගැනීමේ උත්සව අවස්ථාව සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, බ්‍රිගේඩියර් කල්ප සංජීව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ජ්‍යේෂඨ නිලධාරීන් පිරිසක් මෙන්ම නෞකාවේ කාර්යමණ්ඩලය සහභාගීවී සිටියහ.

    නෞකාව එළඹෙන ජූනි 14 දින ශ්‍රී ලංකාව බලා යාත්‍රා කිරීමට බලාපොරොත්තු වන අතර, ජූනි මස අගවන විට මෙම නෞකාව ශ්‍රී ලංකාවට සේන්දු විමට නියමිතව ඇත.

    පසුගිය දා අමෙරිකාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දුන් P - 626 නෞකාව, ශ්‍රි ලංකා නාවික නෞකා ගජබාහු නමින් අධිකාරීයට පත් කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු කෙරුණි.

    අමෙරිකානු වෙරළාරක්ෂක බලකායට අයත්ව පැවති, මෙම නෞකාව පසුගිය වසරේ අගෝස්තු 27 වැනි දින හවායි දුපතේ හොනොලුලු හි දී ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් භාර දෙන ලදී.

    "පී - 626 නෞකාව ගජබාහු නමින් අධිකාරියට" (ජූනි 07)

    https://www.runews.lk/news/item/5156-the-ship-p-626-the-gajabahu-authority

    Last modified on සදුදා, 10 ජූනි 2019 15:58

    Latest News