කටුනායක ගුවන් තොටුපල අමුත්තන් සඳහා යළි විවෘතයි

ජූනි 10, 2019

    කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ සහ පිටවීමේ පරිශ්‍ර අමුත්තන් සඳහා යළි විවෘත කර තිබේ.

    ඒ අනුව එක් මගියෙකු සඳහා අමුත්තන් දෙදෙනෙකුට ඇතුලු විය හැකි බව කටුනායක ගුවන්තොටුපල නිවේදනය කර සිටී. 

    පසුගිය අප්‍රේල් 21 වන දින ඇති වූ ඛේදවාචකය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපලේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව රථ වාහන ගුවන් තොටුපල පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීම සහ මගීන්ට හැර අමුත්තන්ට පැමිණීමේ සහ පිටවීමේ පරිශ්‍රවලට ඇතුළු වීම සීමා කරන ලදී.

    මේ නිසා ගුවන් ගමන් යෑමට සහ පැමිණෙන ගුවන් මගීන්ට සැලකිය යුතු තරමේ අපහසුතාවයක් ඇති විය. පසුගිය දා ගුවන් තොටුපලට පැමිණෙන හා පිටත්ව යන මගීන්ගේ වාහන නැවත වතාවක් ගුවන් තොටුපල වෙත ඇතුළු කිරීමට අවසර ලබා දෙන ලදී.

    Last modified on සදුදා, 10 ජූනි 2019 15:21

    Latest News