සති 03 ක් අසරණව සිටි පවුලකට රවිගෙන් පිළිතුරක්

ජූනි 09, 2019

    සමාජ මාධ්‍ය  ප්‍රචාරය වු ප්‍රවෘත්තියකට අනුව ජීවත් වීමට වාසස්ථානයක් නොමැතිව අසරණවූ දරු පවුලකට පිළිසරණ විමට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා තීරණය කර තිබේ.

    කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ රථවාහන අංගනයේ ටිකට් පත් නිකුත් කිරීමේ නිරත චමිලා ප්‍රියන්තිට මෙසේ පිළිසරණවිමටයි අමාත්‍යවරයා තීරණය කර ඇත්තේ. ඇය දෙදරු මවකි.

    මීට සති තුනකට පෙර සිට විහාරමහා දේවි උද්‍යානයේ රැදී සිටින මෙම අසරණ දරු පවුල පිළිබදව මාධ්‍ය තුළින් කරුණු දැනගත් අමාත්‍ය රවී කරුණානායක මහතා, පසුගියදා ඔවුන් සිය අමාත්‍යාංශය වෙත කැදවා විස්තර විමසීමක් කළ බව අමාත්‍ය මාධ්‍ය එකකය පවසයි. ඒ අනුව කුඩා දරු දෙදෙනාගේ ආරක්ෂාව සහ අධ්‍යාපන කටයුතු පිළිබදව සලකා, ඔවුන් මුහුණදී ඇති ගැටළු හැකි ඉක්මණින් නිරාකරණය කරදීමට අවශ්‍ය කටයුතු ඉටුකරන බව අමාත්‍යවරයා මෙහිදි පොරොන්දුවි තිබේ.

    Latest News