අමාත්‍ය සජිත් - ජනතාව රජ කරවමින් නිසි තැනට පැමිණීමට සූදානම් (විඩියෝ)

ජූනි 09, 2019

    නිසි වේලාවේදී ජනතාවගේ පක්‍ෂියා රජ කරවමින් තමන් නිසි තැනට පැමිණීමට සූදානම් බව, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රජා ජනාවාස කමිටු නියෝජිත සමුළුවේදී. අනුරාධපුර නාච්චාදූව ආතර් ද සිල්වා ක්‍රීඩාංගණයේ දී සමුලුව පැවැත්විණ. මේ අවස්ථාවට ජනතා නියෝජිතයින් සහ ප්‍රදේශයේ ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා....

    “ දැන් රටේ ජනතාවටත් එපා වෙලා තියෙන්නේ කයිවාරුකාරයෝ නිසා. රටේ ජනතාව ඉල්ලන්නේ වැඩ, සේවය. සමහරු හැසිරෙනවා සින්නක්කර ඔප්පුවෙන් රටේ අයිතිය සදාකාලිකව ලබාගත්තා වගේ. ඒක ජනතාවාදි රාජ්‍ය පාලනය නොවෙයි. බය වෙන්න එපා ඒ මහත්තයා කියනවා ඔයා එන්නකෝ කියලා බය වෙන්න එපා මම එනවා. මම එන්නේ පාදේ බලලා, නැකත බලලා, ජනතාවගේ පක්ෂියා රජ කරවලයි සජිත් ප්‍රේමදාස එන්නේ කියන එක මේ අවස්ථාවේදී කියන්න ඕනේ. 21 වැනිදා ජනතාවට ත්‍රස්ත ප්‍රහාරය තුලින් සිය ගණනක් ජිවිත අහිමිවුණා. සිය ගණනක් තුවාල වුණා. තුන් මාසෙවත් යන්නට පෙර එක එක්කෙනා කතා කරනවා මෙයා එනවා, මෙයා එනවා කියලා ජහජරා දේශපාලනේ. 21 වැනිදා විපතට පත්වූ ජනතාවට අපි සහන දෙන්න ඕනේ. ඒ අයට ශක්තිය දෙන්නට ඕනේ. මේ කාලේ එනවද? යනවද? කතා කරන කාලේ නෙවෙයි. අපි බලන්න ඕනේ රටේ අවශ්‍යතාවය. මගේ ගමන සැමට සෙවණ. කොටසකට විතරක් නොවෙයි. මම ඕගොල්ලන්ට පොරොන්දු වෙනවා මගේ පියාණන් 2000 දී සැමට සෙවණ ලබාදෙන්න සැලසුම් කළේ. එතුමාට අවසන් කරන්න බැරිවුණු ඒ දැවැන්ත ගමන 2025 දී සැමට සෙවණ ලබාදෙන්නට ප්‍රේමදාසගේ පුතා ඇප-කැප වෙනවයි කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 09 ජූනි 2019 19:24

    Latest News