බසයේ පාපුවරුව කැඩි දෙකක් මරුට

ජූනි 09, 2019

    කොළඹ-මහනුවර මාර්ගයේ පහල කඩුගන්නාවේදි බස් රථයක පාපුවරුව ගැලවීයාමෙන් වු අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබේ.

    ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක රියදුරුට එය පාලනය කර ගැනීමට නොහැකිව බෝක්කුවක වැදිමෙන් අනතුර සිදුව ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.

    අනතුරින් බස් රථයේ ඉදිරි පාපුවරුව ගැලවී ගොස් ඇති අතර එයින් බස්රථයේ කොන්දොස්තර සහ මගියෙකු මාර්ගයට වැටී එම බස් රථයටම යටවීමෙන් මියගොස් තිබේ. අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

    Latest News