අමාත්‍ය මංගල: පන්සල තහනම් වෙන්න කළ වරද කුමක්ද (විඩියෝ)

ජූනි 09, 2019

    මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභීන්ට හිමිකම් දීමනා ප්‍රදානය කෙරේ.

    එහිදී 11,679 දෙනෙක් සමෘද්ධි හිමිකම් ලැබූහ. උත්සවය පැවැත්වුණේ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි. නව පවුල් ලක්‍ෂ 06කට සමෘද්ධි ලබාදීමේ වැඩසටහනේ එක් අදියරක් ලෙසයි වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ. එය පැවැත්වුණේ, මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී. දිළිඳු ජනතාව නඟා සිටුවීමේ අරමුණෙන් නව සමෘද්ධි හිමිකම් ලබාදෙන බව, අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී පැවසීය.

    එහිදී අදහස් ප්‍රකාශ කළ අමාත්‍ය මංගල සමරවීර මහතා....

    “2019 ජනවාරි ඉඳලා මැයි මාසේ වෙන කාලසීමාවේ විතරක් බෞද්ධ විහාරස්ථාන 4124ක් මිලියන 2090ක් මං වෙන්කරලා එහි වැඩත් කරනවා. පත්තරේ මං දැක්කා ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල්වලට යන එක මට තහනම් කරලා කියලා. මට හිතුනේ මං කරපු මොන වරදකට ද කියලා. ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වෙනකොට බෞද්ධ විහාරස්ථාන 378ක් සඳහා මම මිලියන 208ක වැඩ කරගෙන යනවා කියන එක තමුන්නාන්සේලාට කියන්න ඕනේ. මේ අපි යන ක්‍රමාණුකූල ගමනට ඊර්ෂ්‍යා කරන මාධ්‍යයන් ඉන්නවා, දේශපාලන පක්‍ෂ ඉන්නවා, මේවා කඩාකප්පල් කරන්න උත්සාහ කරනවා. සමහරු මේ රට තුළ යළි වතාවක් කළු ජූලිය ඇති කරන්න යළිත් වතාවක් උත්සාහ කරනවා. නමුත් මේ රටේ මුදල් ඇමතිවරයා හැටියට මම තමුන්නාන්සේලාගෙන් බැගෑපත්ව ඉල්ලන්නේ අන්න ඒ වගේ තත්වයක් මේ රට තුළ යළි වතාවක් ඇතිකරන්න තමුන්නාන්සේලා දරුවන්ගේ නාමයෙන් ඇතිවෙන්න ඉඩ දෙන්න එපා. රටක් හැටියට අපි බෞද්ධ, හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ජනතාව ශ්‍රී ලාංකික මානසිකත්වයත් එක්ක එකතු වෙලා එක රටක් හැටියට වැඩ කළොත් විතරමයි මේ රට අපිට ගොඩඟන්නට පුලුවන් වෙන්නේ. අපි ගොඩ ගන්නවා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on ඉරිදා, 09 ජූනි 2019 19:26

    Latest News