දඹුල්ල නාහිමිගෙන් කෝටි 10 ක් ඉල්ලු 03ක් මාට්ටු: අත්අඩංගුවට ගැනීමට සුක්‍ෂම මෙහෙයුමක් (විඩියෝ)

ජූනි 09, 2019

    රංගිරි දඹුලු රජමහ විහාරස්ථ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර නාහිමියන්ගෙන් රුපියල් කෝටි 10ක කප්පම් මුදල් ඉල්ලා සිටි පුද්ගලයන් තුන්දෙනෙකු පැට්‍රොල් බෝම්බයක් සමග සැකපිට ඊයේ (08) රාත්‍රියේ දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල සහ සීගිරිය ප්‍රදේශ වල පදිංචි ජවාඩ් නම් සංවිධානය නායකයන් ලෙස ව්‍යාජව පෙනී සිටි සිංහල ජාතිකයන් තිදෙනෙකු බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා පවසයි.

    දින ගණනාවක සිටම ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාලයේ භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය අඹගස්වැව රාහුල මාහිමියන් ගේ ජංගම දුරකථනයට ඇමතුම් දෙමින් ජවාඩ් සංවිධානය ලෙස පවසා රුපියල් කෝටි 10ක මුදලක් අවශ්‍ය බව පවසා තිබේ. එම මුදල ලබා නොදෙන්නේ නම් නාහිමියන් ඝාතනය කරන බව ද ඔවුන් මුස්ලිම් ජාතිකයන් සිංහල භාෂාව කතා කරන විලාසය ට දැනුම්දී ඇතැයි පොලිසිය කියයි.

    පසුව නාහිමියන්ගේ දැනුම්දීම පරිදි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා ඉතා සූක්ෂම ලෙස නාහිමියන් ආසන්නයේ රැඳී සිටිමින් දින කිහිපයක්ම ලැබෙන ඇමතුම් පටිගත කොට ඉතා සූක්ෂම ලෙස විද්‍යාත්මක පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ඒ අනුව ඔවුන්ගේ දුරකථන විශ්ලේෂණ දත්ත අනුව සිදුකරන ලද සූක්ෂම මෙහෙයුමකින් පසු මෙම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වි ඇත. මෙම සැකකරුවන් ඇමතුම් ලබාගෙන ඇති දුරකථන සිම් කාඩ් පත පාදුක්ක ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයක්ගේ නමට ලියාපදිංචි කළ බව පොලිසිය විසින් තහුරු කර ගෙන තිබේ. එම සිම් පත ලබාගැනීමට පුද්ගලික දුරකථන සමාගමක සේවකයකුගේ සහයෝගය ලබාගෙන ඇති බව පොලිසිය පවසයි.

    මෙසේ අත්අඩංගුවට පත් තිදෙනාගෙන් දෙන්නකු නාහිමියන් වැඩසිටින පන්සලේ යාබද පන්සලක සේවය කරන රියදුරෙකු හා හිටපු රියදුරෙකු වන අතර, අනෙක් සැකකරු ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු බව හඳුනාගෙන තිබේ. මොවුන් තිදෙනා විසින් කප්පම් මුදල් ලබාගැනීම සදහා නාහිමි පාරේ ගමන් කරන විට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුක් කල බවත් ඒ සදහා සිගිරිය ප්‍රදේශයේදී පෙට්‍ර්ටල් බෝම්බ දෙකක් පුපුරවා අත්හදා බැලු බව පොලිස් පරීක්ෂණවලන් හෙලි කරගෙන ඇත. පොලිස් පරීක්ෂණ නිසි ලෙස ක්‍රියාත්මක විමෙන් සිදුවිට ගිය විශාල අනතුරක් මගහැරගැනීමට හැකිවූ බව මුලස්ඨාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රම රත්න මහතා කියා සිටි.

    මේ පිළිබඳව පන්සලේ හෝ කිසිවකුට නොකියා ඉතා ප්‍රවේසමෙන් මුලස්ඨාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රම රත්න මහතා සමග එක්ව මෙම අපරාධකරුවන් කොටුකර ගන්නට ක්‍රියා කළ බව පූජ්‍ය අඹගස්වැව රාහුල නාහිමියන් පැවසුහ.

    සැකකරුවන් අද (09) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මධ්‍යම පළාත් ජෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති එස් .එම් .වික්‍රමසිංහ මහනුවර හා මාතලේ භාර නියෝජ්‍ය පොලිස්පති පි .ආර් .එල් .රණවිර .මාතලේ කොට්ටාශ භාර පොලිස් අධිකාරි ඩී .එස් .පි ,සන්දනායක .දඹුල්ල සහකාර පොලිස් අධකාරි ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න උප පොලිස් පරීක්ෂක වරුන් වන ඒ .ටි .බණ්ඩාර කේ .එම් .ගයාන් බුද්ධික යන මහත්වරු ඇතුළු තවත් පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

    Last modified on ඉරිදා, 09 ජූනි 2019 13:24

    Latest News