ඉන්දිය අගමැති මෝදි කොච්චිකඩේ පල්ලිය නැරඹිමට යයි

ජූනි 09, 2019

    Update - ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා අද දිවයිනට පැමිණිමෙන් පසු පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශ වු කොටහේන ශාන්ත අන්තෝනි දෙවස්ථානයේ නිරික්ෂණයක දි නිරත වුයේය.

    පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශ වු දෙවස්ථානයේ ප්‍රතිසංස්කරණය මෙ වන විට ආරම්භ කර තිබේ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමති සජිත් ප්‍රේමදාස මහතා මේ අවස්ථාවට එක් වුයේය. 

    modiarrival1 px 900 19 06 0

    modiarrival11 px 900 19 06

     

    ඉන්දිය අගමැති මෝදි ශ්‍රී ලංකා නිළ සංචාරය අරඹයි (11.28) විඩියෝ  

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය නිල සංචාරය ආරම්භ කරමින් මීට සුළු වේලාවකට පෙර දිවයිනට පැමිණියේය. නරේන්ද්‍ර මෝදි මහතා දෙවන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු සිදුකරන ප්‍රථම නිල සංචාරය ලෙස ශ්‍රී ලංකාව තෝරා ගනු ලැබිණ. අසල්වැසියාට ප්‍රමුඛතාව යන අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය නිල සංචාරය වෙනුවෙන් අද (09) දිවයිනට පැමිණියේය.

    අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණිමෙන් පසු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්. මේ අවස්ථාවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද එක්විය

    නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ නිල පිලිගැනීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එය ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවිව විකාශය කෙරේ.

    modiarrival2 px 900 19 06 0

    Last modified on ඉරිදා, 09 ජූනි 2019 14:39

    Latest News