මිහින්තලය පුදබිම අමාත්‍ය සජිත්ගේ නිරීක්‍ෂණයට (වීඩියෝ)

ජූනි 08, 2019

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද අනුරාධපුර මිහින්තලය, රුවන්වැලිසෑය සහ මිරිසවැටිය යන සිද්ධස්ථානවල නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.


    මිහින්තලය රජමහා විහාරයට ගිය අමාත්‍යවරයා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය. අනතුරුව විහාරස්ථාන පුදබිම නිරීක්‍ෂණය කර එහි අඩුපාඩු සොයා බැලීය. අමාත්‍යවරයා සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ජාවකට ද එක්විය.

    අනතුරුව රුවන්වැලි මහසෑය සහ මිරිසවැටිය විහාරයට පැමිණි අමාත්‍යවරයා එහි නායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. එම විහාරස්ථානයන්හි සංවර්ධන කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමුවිය. ජනතා නියෝජිතයින් ඇතුළු පිරිසක් ඊට එක්වූහ.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 22:37

    Latest News