කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපති තනතුර සාරංග විජයරත්නට

ජූනි 08, 2019

    ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සාරංග විජයරත්න මහතා කොළඹ වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්ව සිටී.

    අද පැවති මහ සභා සැසිවාරයේ දී ඔහු එම පදවිය සඳහා තෝරා පත්කර ගනු ලැබීය. කොළඹ වාණිජ මණ්ඩලය මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ එකතුවක් හා මෙහෙයුම් ආයතනයක් ලෙසයි සැලකෙන්නේ. සාරංග විජයරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකාර විද්‍යාර්ථීන්ගේ සංගමයේ හා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ විධායක මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 21:02

    Latest News