CIMA සභාපති තනතුර අමල් රත්නායකට

ජූනි 08, 2019

    ශ්‍රී ලාංකීක ගණකාධිකාරිවරයෙකු වන අමල් රත්නායක මහතා ගෝලීය වරලත් කළමනාකාර ගණකාධිකාරි ආයතනය හෙවත් සිමා ආයතනයේ සභාපතිවරයා බවට පත්ව සිටී.

    එම අන්තර් ජාතික පදවියට ශ්‍රී ලාංකිකයෙකු පත්වූ ප්‍රථම වතාව මෙයයි. අමල් රත්නායක මහතා අන්තර් ජාතික වශයෙන් ගණකාධිකාරි කේෂ්ත්‍රයේ වැදගත් තනතුරු ගණනාවක් හොබවා තිබේ. අන්තර් ජාතික සහතිකලත් වෘත්තීය ගණකාධිකාරි සංගමය හා අමෙරිකානු සහතිකලත් වෘත්තීය ගණකාධිකාරී සංගමයේ විධායක මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද ඔහු ක්‍රියා කර තිබේ. රත්නායක මහතා අන්තර් ජාතික මට්ටමින් මූල්‍ය හා ව්‍යාපාර ව්‍යුහ පරිවර්තන විශේෂඥයෙකු ලෙස ද ප්‍රසිද්ධියක් උසුලයි. දැනට ඔහු කැනඩාවේ සේවය කරයි.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 20:55

    Latest News